ශ්‍රී ලංකා යෞවනියන්ට පූර්ණ ක්‍රිකට් තරගාවලියේ ජය

ශ්‍රී ලංකා යෞවනියන්ට පූර්ණ ක්‍රිකට් තරගාවලියේ ජය

(ඉෂාර ගයාෂාන්)
ශ්‍රී ලංකාව 19න් පහළ කාන්තා කණ්ඩායම සහ ඕස්ටේ්‍රලියා 19න් පහළ කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් විස්සයි-20 තරගාවලිය 5-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට අද (30දා) සමත් විය.
දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගාවලිය 5 වැනි සහ අවසන් තරගය අද (30දා) පැවති අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියා 19න් පහළ කාන්තා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 114ක් ලබා ගත්තේය. ලකුණු ලබා ගැනීමේදී ඕස්ටේ්‍රලියාවේ එමිලි පවෙල් ලකුණු 33ක් සහ ලුසි ෆින් ලකුණු 35ක් ලබා ගත්තාය. කඩුලු ලබා ගැනීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකාවේ චමෝදි පබෝධා කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූවාය.
ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 115ක ඉලක්කය ලබා ගැනීමට පිටියට පැමිණි ශ්‍රී ලංකාව පන්දු වාර 17.3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් මනුදි නානායක්කාර ලකුණු 34ක් ලබා ගත්තාය.
ඒ අනුව ඕස්ටේ්‍රලියා 19න් පහළ කාන්තා කණ්ඩායම කඩුලු 6කින් පරාජය කරමින් ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කළාය. තරගාවලිය 5-0ක් ලෙස ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම ජය ගැනීමට සමත් විය.

Share This