විදුලි වර්ජනයට ඇතැම් වෘත්තිය සමිති එක් නොවීමේ තීරණයක

ශිරාන් රණසිංහ
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවකයන්ට මතු වී තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලමින් හෙට (24) මධ්‍යම රාත්‍රියේ සිට දියත් කිරීමට කලින් සැලසුම් කර තිබූ වැඩ වර්ජනයට එක් නොවී සිටීමට වෘත්තීය සමිති සැලකිය යුතු පිරිසක් තීරණය කර ඇත.
ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමට ගන්නා තීරණයට විරුද්ධ නැති මුත් එමගින් සේවකයන්ට මුහුණදීමට සිදු වී තිබෙන ගැටලුවලට විසදුම් ඉල්ලා වෘත්තීය සමිති ඉකුත් 04 වැනිදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වූ අතර ඉන් පසු ඉකුත් 17 සහ 18 යන දින දෙකේ ලෙඩ නිවාඩු දමා සේවයට නොපැමිණ උද්ඝෝෂණ ව්‍යාපාරක නිරත වූහ. අකුරට වැඩ කිරීමේ තීරණය තවදුරටත් ක්‍රියාත්මක වන බවත් ඒ අනුව පෙරවරු 8.30 සිට සවස 4.15 දක්වා පමණක් රාජකාරි සිදු වන බව ද වෘත්තීය සමිති නායකයෝ පවසති.
“මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට සහාය දෙන්න බැ රිනම් ස්වෙච්ජාවෙන් සේවයෙන් ඉවත්වී යාමේ ක්‍රමවේදය යටතේ සේවයෙන් ඉවත්ව යන ලෙස පසුගියදා ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.
විදුලිය අත්‍යාවශ්‍ය සේවාවක් කර තිබීමත් සේවක නිවාඩු අවලංගු කරමින් නිකුත් කළ චක්‍රලේඛය හමුවේ වැඩ වර්ජනයකට යෑම සේවකයන්ගේ රැකියාවලට අහිතකර තත්ත්වයක් ඇති වන බව කියමින් වෘත්තීය සමිති බොහොමයක් වැඩ වර්ජනයට එක් විය නොහැකි බවට දැනුම් දී ඇතැයි ප්‍රධාන වෘත්තීය සමිති නායකයෝ කියා සිටියහ..