එජප 79 සංවත්සරය 21 කල් යයි – සියලු පක්ෂවලට ආරාධනා

(ශිරාන් රණසිංහ)
එක්සත් ජාතික පක්ෂ 79 වැනි සංවත්සරය ලබන 21 වැනිදා දක්වා කල් දැමීමට එම පක්ෂය තීරණය කර ඇත.
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ සංවත්සර සැමරුම ලබන 06 වැනිදා කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට කලින් තීරණය කර තිබිණි.
කෙසේ වෙතත් ලබන 21 වැනිදා අදාළ ස්ථානයේම පැවැත්වෙන මෙම සංවත්සර සැමරුම සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කිරීමටද පක්ෂය තීරණය කර ඇත
