කෑගල්ල පාරේ බිහිසුණු අනතුරක්

කෑගල්ල ගල්ගමුව ප්‍රදේශයේ අද (21) අලුයම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙකාට ගැටී බිහිසුණු අනතුරක් සිදු වී ඇත.
අලුයම පහට පමණ වේරගොඩවැල්ල සිට කෑගල්ල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් සහ කෑගල්ලේ සිට රත්නපුරය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස එකිනෙකාට ගැටී අනතුරක් සිදුවී ඇති අතර ඉන් පුද්ගලයින් 25 දෙනකු පමණ පිරිසක් තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.
තුවාලකරුවන් මේ වන විට කෑගල්ල සහ වරකපොල රෝහල් වෙත ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
චන්දන ලක්මාල්