වන අලි දහතුන්දෙනකු ගැන දුක හිතෙන කතාවක්

වන අලි දහතුන්දෙනකු ගැන දුක හිතෙන කතාවක්

වෙඩි වැදී තුවාල ලබා සිටින ඇතුන් දෙදෙනකු ඇතුළු තවත් වන අලි දහතුන්දෙනකු මේ වනවිට ප්‍රතිකාර ලබන බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුවේ වනජීවී සෞඛ්‍ය අධ්‍යක්ෂ තාරක ප්‍රසාද් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

අලි ඇතුන් හත්දෙනෙකු අනුරාධපුරයේ ද, පොළොන්නරුවේ තිදෙනෙකු ද, වවුනියාවේ එක් අලියෙකු ද, දකුණු ප්‍රදේශයේ තවත් අලි දෙදෙනෙකු ද ප්‍රතිකාර ලබමින් සිටිති.

භාතිය හස්තියා සම්බන්ධයෙන් යන සිදුවීම මැයි 18 වැනි දින වනජීවී දෙපාර්තමේන්තුවට වාර්තා වනවිටත් එම හස්තියා වෙඩි වැදීමෙන් තුවාල සිදුව මාස 02 ක් ගතව තිබූ බව සඳහන් වේ.

අනතුරුව මැයි 19 වැනි දින පශු වෛද්‍යවරුන් එම ස්ථානයට පැමිණ හස්තියාට ප්‍රතිකාර කිරීමට කඩිනමින් ක්‍රියාකළ බව ද තාරක ප්‍රසාද් මහතා පවසයි.

භාතියගේ ඉදිරිපස කකුලේ ගැටිත්තක් සහිත, වෙඩි වැදී සුව වූ තුවාල කිහිපයක් හැර පරීක්ෂා කිරීමේදී විවෘත තුවාල නොතිබූ බව ද ඔහු සඳහන් කරයි.

Share This