හිටපු පෙම්වතාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
තම හිටපු පෙම්වතියට පිහියෙන් ඇන ඝාතනය කළ 23 හැවිරිදි තරුණයෙකුට ඉතාලියේ විනිසුරුවරයෙකු ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.
2023 නොවැම්බර් මාසයේදී 22 හැවිරිදි වියේ පසුවූ ඇයව, ඇයගේ පෙම්වතා විසින් මෙම ඝාතනය කර තිබුණේ පාදුවා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබීමට සතියකට පෙරයි .
ඒ අනුව තම පෙම්වතිය වූ ජියුලියා සෙචෙටින්ව ඝාතනය කළ බවට පිළිගත් ෆිලිපෝ ටුරෙටාට මිනීමැරුම්, නීතිවිරෝධී ආයුධ ළඟ තබා ගැනීම, පැහැරගැනීම් සහ මළ සිරුරක් සැඟවීම යන චෝදනා වලට වරදකරු කරමින්, වැනිසියේ පිහිටි අධිකරණයක් මගින් මෙම දඩුවම නියම කර ඇති බවයි CNN පුවත් සේවය පවසන්නේ.
ඉතාලියේ කාන්තා හිංසනය පිළිබඳ වැඩි අවධානයට ලක් කළ දරුණු ස්ත්‍රී ඝාතන ක්‍රියාවක් වූ ඉන් අගතියට පත් වින්දිතයාගේ පවුලට ඔවුන්ගේ නීතිමය ගාස්තු පියවීමට අමතරව මූල්‍ය අලාභ ගෙවන ලෙසද අධිකරණය වරදකරුට නියෝග කර තිබෙනවා.
තම හිටපු පෙම්වතියව ඝාතනය කිරීමෙන් පසු ඔහු ඇගේ සිරුර කුණු බෑග්වල අසුරා මිටියාවතකට විසිකර පලා ගිය බවයි සාක්ෂි දෙමින් වරදකරු පවසා ඇත්තේ.
ජියුලියා සෙචෙටින් අතුරුදහන් වී දින 10 කට පසු ඔහු අත් අඩංගුවට පත්ව ඇත්තේ ජර්මනියේදීයි.