ආපදා හේතුවෙන් පුද්ගලයින් 69,860 දෙනෙකු අවතැන්වෙලා

ආපදා හේතුවෙන් පුද්ගලයින් 69,860 දෙනෙකු අවතැන්වෙලා

දිවයිනට බලපා තිබූ ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 139,512කට අයත් පුද්ගලයන් 470,142 දෙනෙකු පීඩාවලට ලක්වී තිබෙනවා.

ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මෙම පිරිස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය 236කට අයත් අය බවයි.

ඒ හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්.

පූර්ණ නිවාස හානි 103ක් සහ අර්ධ හානි 2,798ක් සිදුවී තිබෙනවා.

සුරක්ෂිත මධ්‍යස්ථාන 63ක පුද්ගලයින් 6,663ක් රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඥාති නිවාසවල පුද්ගලයින් 63,197 රැඳි සිටින බව සඳහන්.

සියලු ගංගාවල ජල මට්ටම සාමාන්‍ය මට්ටමේ පවතිනවා.

නිකුත් කරනු ලැබූ සියලු නාය යෑම් පිළිබඳ අනතුරු ඇඟවීම නිවේදන ඉවත් කර ඇති බව ද ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Share This