හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු අත්අඩංගුවට
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු එරට අපරාධ විමර්ශන අධ්යක්ෂ මණ්ඩලය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, 2015-16 T20 Ram Slam Challenge ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
ලොන්වබෝ ටෝස්ට්, තාමී සොලෙකිල් හා එති බලාටි යන ක්‍රීඩකයින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ඔවුන් අවස්ථා තුනකදී තරග පාවාදී ඇති බවට සිදු කර ඇති මූලික විමර්ශනවලදී අනාවරණවී තිබෙනවා.
2004 දූෂණ ක්‍රියාකාරකම් වැළැක්වීමේ සහ මර්දනය කිරීමේ පනතේ 15 වැනි වගන්තිය යටතේ දූෂණ චෝදනා පහක් සම්බන්ධයෙන් තිදෙනාටම චෝදනා එල්ල වී ඇති බව සඳහන්.