කථානායකගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි
කථානායක අශෝක රංවල මහතාගේ ප්රධානත්වයෙන් අද (04) පෙරවරු 9.30ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කෙරුණා.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් අද (04) පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව එම විවාදය අද පස්වරු 5.30 සිට රාත්රී 9.30 දක්වා පැවැත්වෙන බවයි, පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊයේ (03) පාර්ලිමේන්තුවේදී කථානායක ආචාර්ය අසෝක රන්වල මහතාගේ ප්රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී මම තීරණය ගෙන තිබුණා.
ඒ අනුව පෙර තීරණය කළ පරිදි ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශයට අදාළ යෝජනාව පිළිබඳ විවාදය අද (04) පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වෙනවා.
එහි ඡන්ද විමසීම අද (04) පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතයි.
ඡන්ද විමසීමෙන් අනතුරුව පස්වරු 5.30 ට විරුද්ධ පාර්ශ්වය විසින් ගෙනෙ එනු ලබන යෝජනාවක් ලෙස මෙම සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට එකඟත්වය පළ වී ඇති බව සඳහන්.
2025 වසරේ පළමු මාස හතර සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනාව ද හෙට (05) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඊට අදාළ විවාදය හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින පැවැත්වීමට නියමිතයි.
මේ අතර ඊයේ (03) ආරම්භ කෙරුණු පාර්ලිමේන්තු කටයුතු ලබන 06 වැනිදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.