රූබික් කැට 1200කින් නිර්මාණය වූ ජනපති අනුරගේ රුව
රූබික් කැට 1200ක් යොදා ගමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව පැය තුනයි විනාඩි 13යි තත්ත්පර 07ක කාලයක් තුළ නිර්මාණය කරමින් 12 හැවිරිදි සිසුවෙක් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
සස්නුල සෙහන්ස ලක්මාල් වන එම සිසුවා ශ්රී ලංකා යුද්ධ හමුදාවට අයත් ශ්රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි 9 වන ඒකකයට අයත් සැරයන් එචිඩිටි ලක්මාල්ගේ මහතාගේ වැඩිමල් පුත්රයා වනවා.
යක්කල ප්රදේශයේ පිහිටි යුද්ධ හමුදාවට අයත් රණවිරු ඇපරල් පිහිනුම් තටාකාංගන පරිශ්රයේදී ඔහු මෙම දක්ෂතාව පෙන්නුම් කර ඇති බව සඳහන්.