පාකිස්ථානයට කඩුලු 10ක පහසු ජයක්

පාකිස්ථානයට කඩුලු 10ක පහසු ජයක්

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති දෙවන විස්සයි විස්ස තරගය කඩුලු 10කින් ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 12.4ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 57ක් පමණයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 58ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 5.3ක් තුළ කිසිදු කඩුල්ලක් නොදැවී තරගයේ ජය වාර්තා කළා.

ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය තරග දෙකකට බින්දුව ලෙස පෙරමුණ ගැනීමටයි, පාකිස්ථාන කණ්ඩායම සමත් වුණේ.

දෙරට අතර තෙවන විස්සයි විස්ස තරගය ලබන 05 වැනිදා සිම්බාවේ, බුලවායෝ නුවරදී ආරම්භ වීමට නියමිතයි.

Share This