වැස්ස ගැන විශේෂ දැනුම්දීමක්

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපන වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල මාතර පුත්තලම නුවරඑළිය සහ නුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇතිවිය හැක.
බස්නාහිර සබරගමුව වයඹ මධ්‍යම දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
චන්දන ලක්මාල්