රාජ්‍ය ආයතනවල වාහන ගැන ආණ්ඩුව ගත්ත තීරණය

රාජ්‍ය ආයතනවල වාහන ගැන ආණ්ඩුව ගත්ත තීරණය

රාජ්‍ය ආයතනවල භාවිත වන ඇතැම් අධි සුඛෝපභෝගි වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව අපහරණ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව එම ආයතනවල පවතින සියලු වාහන පිළිබඳව විධිමත් අධ්‍යයනයක් සිදු කර කිරීමට නියමිතයි.

රේගු සංකේතාංක 87.03 යටතට ගැනෙන පෙට්‍රල් එන්ජින් ධාරිතාව 1800ccට වැඩි වාහන සහ ඩීසල් එන්ජින් ධාරිතාව 2300ccට වැඩි වාහන නිවමිතය ප්‍රසම්පාදන ක්‍රමවේදයක් අනුගමනය කරමින් මාර්තු පළමුවැනිදාට පෙර අදාළ ප්‍රධාන ගණන්දීමේ නිලධාරින් විසින් අපහරණය කළ යුතු වනවා.

ඉන් අනතුරුව මහා  භාණ්ඩාගාරයේ කොම්ප්ට්‍රෝල් ජනරාල් වෙත වාර්තා කිරීම සඳහි අදාළ චක්‍රලේඛ උපෙදස් නිකුත් කිරීම පිණිස භාණ්ඩාගාරයේ ලේකම් වෙත බලය පැවරීමට කටයුතු කෙරෙනු ඇති.

රාජ්‍ය ආයතතවල භාවිත වන ඇතැම් අධි සුඛෝප‌භෝගි වාහනවල නඩත්තු හා ඉන්ධන සඳහා වැය වන අධික පිරිවැය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

Share This