දේපළ සොරකම් කළ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

නිවසක් බිඳ දේපළ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාරියන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසියට නිලධාරියෙක් කියා සිටියේය.
මෙම සැකකාරියන් තිදෙනා අවුරුදු 33 සහ 47 යන වයස්වල පසුවන කොරල වැල්ල හා මොරටුවැල්ල ප්රදේශවල පදිංචිකාරියන්ය.
පසුගිය මාර්තු 24 වනදා මෙම සැකකාරියන් තිදෙනා නිවසකට ඇතුළු වී රැ 639.000 ක මුදලක් සොරකම් කර තිබූ බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.
සොරා ගන්නා ලද දේපල වලින් කොටසක් පොලිස් භාරයට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන මොරටුව පොලිසිය සිදුකරයි.
චන්දන ලක්මාල්