සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මාර්තු 23

2023, 2024 (2025) සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මාර්තු මස 23 වනදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2683කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ සඳහා ප්‍රවේශ පත්‍ර හා පාසල් පැමිණීමේ ලේඛන මේ වනවිට අදාළ පාසල් ප්‍රධානීන් වෙත තැපැල් මඟින් යොමු කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
රජයේ පාසල් හා පෞද්ගලික පාසල්, www.doenets.lk වෙබ් අඩියෙන් මාර්තු 15 වන දින එය බාගත කළ හැකියි.
අපේක්ෂකයින්ගේ නම්, මාධ්‍ය, ජාතික හැඳුනුම්පත් අංක හා ස්ත්‍රී/පුරුෂ සංශෝධන තිබේ නම් එම වෙබ් අඩවිය තුළින්ම සිදුකරගත හැකි බව සඳහන්.
අදාළ සංශෝධන මාර්තු මස 18 වැනිදා මධ්‍ය රාත්‍රීයට පෙර සිදු කළ යුතු අතර එම කාලය නැවත දීර්ඝ නොකරන බවයි, විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.