මාස තුනට සංචාරකයන් ලක්ෂ පහක් ඇවිත්

2025 වසරේ මාර්තු මස 05 වැනිදා වනවිට සංචාරකයින් 530,746ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්ෂ සම්පත් නිශ්ශංක මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින්.
ඉන්දියා, රුසියාව සහ බ්‍රිතාන්‍යයෙන් වැඩි සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව සඳහන්.
ඉන්දියානු ජාතිකයන් 84,476ක් සහ රුසියානු ජාතිකයන් 70,159 දෙනෙක් ඒ් අතර වනවා.
the booking වෙබ් අඩවිය විසින් ලොව ඇති හොඳම ගමනාන්ත 25න් එකක් ලෙස සීගිරිය නම් කර ඇති බවයි, සම්පත් නිශ්ශංක මහතා ප්‍රකාශ කළේ.
මෙම වසරේදී සංචාරකයන් මිලියන තුනක් මෙරටට ගෙන්වා ගැනීම තම අරමුණ බව ද ඔහු කියා සිටියා.