හිටපු පා.ම මාවෙයි සේනාධිරාජා අභාවප්රාප්ත වෙයි
ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ (29) දින අභාවප්රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඒ මහතා 82 හැවිරිදි වියේ පසුවුණා.
යාපනය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නිවසේ සිදුවු අනතුරක් හේතුවෙන් ඒ මහතා මෙලෙස රෝහල්ගතව ඇති බවයි වාර්තා වන්නේ.