ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර උසස් අධ්‍යාපන සහයෝගිතාවට ඇත්තේ දිගු ඉතිහාසයක්
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර උසස් අධ්‍යාපන සහයෝගීතාව පිළිබඳ ව දිගු ඉතිහාසයක් පවතින බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (28) කොළඹ පැවැති “භාරත් – ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සමුළුව” අමතමින්.
ඉන්දියානු විශ්වවිද්‍යාල සංගමය (AIU) මගින් සංවිධානය කරන ලද මෙම සමුළුව සඳහා ඉන්දියානු, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල රැසක නියෝජිත පිරිස් සහභාගී වුණා.
දෙරට අතර උසස් අධ්‍යාපන අවස්ථා වර්ධනය කිරීමෙහි ලා ගත යුතු ක්‍රියාමාර්ග, උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ නව ප්රවණතා සහ දෙරටේ උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ අන්‍යෝන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම ආදි ක්ෂේත්‍ර රැසක් කෙරෙහි මෙම වැඩසටහනේ දී අවධානය යොමු වූ බව සඳහන්.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතීතයේ සිට ම තම ශාස්ත්‍රිය දැනුම හුවමාරු කරගෙන ඇති බවයි.
අතීතයේ නාලන්දාව සහ අනුරාධපුරය අතර තිබූ දැනුම හුවමාරු කිරීමේ ක්‍රමවේද ඊට සාක්ෂ්‍ය දරන බව ද බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
ඒ අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර උසස් අධ්‍යාපන සහයෝගිතාවට ඉතා දීර්ඝ ඉතිහාසයක් පැවති බවයි වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා කියාසිටියේ.
මෙම සමුළුව එම ඓතිහාසික උරුමය ඉදිරියට ගෙන යන සන්ධිස්ථානයක් වශයෙන් ද ඔහු සඳහන් කළා.
මෙම අවස්ථාවට වැඩ බලන ඉන්දිය මහකොමසාරිස් ආචාර්ය සත්යන්ඡාල් පාන්ඩේ, ඉන්දියානු විශ්වවිද්‍යාල සංගමයේ (AIC) මහලේකම් ආචාර්ය පන්කජ් මිත්තාල්, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනෙවිරත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියා.