2025 වසරේ රාජ්‍ය තෛපොංගල් සැමරුම යාපනයේදී

2025 රාජ්‍ය තෛපොංගල් සැමරුම යාපනයේදී පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එය ජනවාරි මස 18 දින යාපනය, තෙල්ලිපලේ දී පැවැත්වීමට නියමිතයි.
ඊට සමගාමීව වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇති බව සඳහන්.
එම වැඩසටහන් මාලාව සංවිධාන කිරීමේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) අමාත්‍යංශයේ දී පැවැත්වුණා.
ඊට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් ඇතුළු පිරිසක් ද එක්ව සිටි බව සඳහන්.
මේ අතර හින්දු බැතිමතුන් වාර්ෂිකව සංවිධාන කරන සබරිමලේ ‘හෝලි යාත්‍රා’ චාරිකාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වැඩි බැතිමතුන් පිරිසක් සහභාගී කරවීමටත්, ඊට රාජ්‍ය නිල භාවය ලබා ගැනීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන ලෙසත් ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා ඉල්ලීමක් කළා.
ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව වැඩිදුරටත් සඳහන්.
උදාර සංස්කෘතික ජීවිතයක් – සහකම්පනීය ජනතාවක් බිහිකිරීමේ ජාතික ජන බලවේගයේ දැක්ම වනවා.
ඒ අනුව එහි කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටුකිරීමේ වගකීම තමන්ට පැවරී ඇති බවයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.
එමෙන් ම ජාතික සංවර්ධනයේ සැලකියයුතු පංගුවක් ජාතික සමගිය වඩාත් තීව්‍ර කිරීමෙන් ලඟා කරගත හැකි බව බහුතර ජනතාවගේ විශ්වාසයයි.