හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් අත්අඩංගුවට
රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධී වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අද (09) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
නීතිවිරෝධී ලෙස වත්කම් ඉපයීම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව පවත්වාගෙන යනු ලබන විමර්ශනයකට අදාළව අදහස් වාර්තා කර ගැනීම සඳහා ඔහු කොමිසමට කැඳවා තිබුණි. ඒ අනුව පෙරවරුවේ කොමිසමේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.
