හරි පීල්ලට උදේ දාපු ‘සාගරික’ අද සවස කොම්පඤ්ඤවීදියේදී නැවත පීලි පනී

සාගරිකා දුම්රියට ආයෙත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඊයේ (24) පීලි පැනීමකට ලක්වුණ මේ දුම්රිය, නැවත පීලිගත කරලා කොළඹ බලා ධාවනය කරද්දී, අද සවස 6.20ට පමණ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ළඟ ආයෙත් පීලි පැනලා තියෙනවා.

මේ සිද්ධිය නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් අවහිර වෙලා තියෙන අතර, මේ වෙලාවේ කොළඹ කොටුව සහ වැල්ලවත්ත අතර දුම්රිය ධාවනය වෙන්නේ එකම මාර්ගයක් භාවිතා කරගෙනයි. ඊයේ උදේමත් මේ දුම්රිය පීලි පැනිලා තිබුණා, ඒක පස්සේ පීලිගත කරලා ආයෙත් ධාවනයට දාලා තිබ්බත්, අද ආයෙත් ඒ වගේම ගැටලුවක් ඇතිවෙලා තියෙනවා.

දැනට මේ දුම්රිය නැවත පීලිගත කරන වැඩ ආරම්භ කරලා තියෙනවා කියලා දුම්රිය දෙපාර්තමේන්තුව කියනවා, ඒ වගේම අදම මේ මාර්ගය යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් වෙයි කියලාත් ඔවුන් විශ්වාස පළ කරලා තියෙනවා. මේ නිසා අද මුහුදුබඩ දුම්රිය මාර්ගය භාවිතා කරන මගීන්ට ටිකක් ප්‍රමාදයක් වෙන්නත් ඉඩ තියෙනවා. මේ නිවුස් එකට ප්න්තුරයක් බලදෙන්න

Share This