“සාගරිකා” කාර්ය මණ්ඩලයේ හතරදෙනෙකුගේ වැඩ තහනම්

බෙලිඅත්තෙන් මරදානට යන ගමන්  ‘සාගරිකා’ දුම්රිය ඉකුත් 24 වැනිදා පීලි පැනලා තියෙනවානේ. ඒකට අදාලව ඒ දුම්රියේ සේවය කරපු කාර්ය මණ්ඩලයගේ වැඩ තහනම් කරලා තියෙනවා.

ඒ කියන්නේ, ‍දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රියේ රියදුරු, නියාමක, රියදුරු සහයක, සහ උප නියාමක යන මෙයාලා හතර දෙනාගෙම වැඩ නවත්තලා තියෙනවා.

ඒ් අතර 24 වැනිදා පීලි පැන්න ‘සාගරිකා’ දුම්රිය නැවත පීල්ලට දාලා කොළඹට ගේනකොට ඊයේ (25) කොම්පඤ්ඤවීදිය ස්ටේෂන් එකේදී ආයෙත් පාරක් පීලි පැනලා තියෙනවා.

Share This