වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට පොහොර පරිත්‍යාගයක්
වියට්නාම රජය ශ්‍රී ලංකාවට යූරියා සහ සුපර් පෝස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100ක් පරිත්‍යාග කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, දෙරට අතර අවබෝධතා ගිවිසුම් හුවමාරුවෙන් අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදීයි.
ශ්‍රී ලංකාව කළ පොහොර ඉල්ලීමට වියට්නාම රජය ධනාත්මක ප්‍රතිචාර ලබාදුන් බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.
වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය, දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන සුවිශේෂී අවස්ථාවක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
වියට්නාමය අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයේ සංකේතයක් වගේම ආර්ථික පරිවර්තනයේ ජීවමාන උදාහරණයක් ලෙස ලෝකය හමුවේ පෙනී සිටින බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම, දෙරට අතර සබඳතා “විස්තීරණ හවුල්කාරීත්වයක්” දක්වා ඉහළ නැංවීමට එකඟතාවකට පැමිණ ඇති බවත්, 2030 වන විට දෙරට අතර වෙළඳාම අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීම ඉලක්කය බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.
