විදුලිබල සේවකයින් අද සවස 3 සිට සියලු සේවාවලින් ඉවත්වෙයි

අද (09) සවස 3 සිට පැය 24ක කාලයක් ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයින් සියලු සේවාවන්ගෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, විදුලිබල මණ්ඩලයේ මළ ගම සිදුවු අද වැනි දිනක රජය විසින් කිසිදු සාධනීය පිළිතුරක් හෝ සාමුහික ගිවිසුමක් විදුලි සේවකයින් වෙත ලබාදී නොමැති බවය.

Share This