වාහනයක් පරික්ෂා කරනවැයි රත්තරන් වලට විදලා

පසුගිය 2023 වසරේදී කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක් ජාඇල ප්‍රදේශයේදී නවතා, පරීක්ෂා කරන මුවාවෙන් රන් කිලෝග්‍රෑම් 2ක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් පස්දෙනෙකු ලබන ජූනි මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද දින (21) නියෝගකර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකාර නිලධාරීන් පස්දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රිමාන්ඩ්කර ඇති අතර,
මෙම මංකොල්ලයට පොලිස් නිලධාරීන් අටදෙනෙකු සම්බන්ධ වී ඇති බවත් සිද්ධියට සම්බන්ධ ඉතිරි නිලධාරීන් තිදෙනාද කඩිනමින් අත්අඩංගුවට ගැනීමට නියමිත බව CID නිලධාරීන් අධිකරණයට ප්‍රකාශකර තිබෙනවා.
