එන්නතක් සොයාගන්න මාස 9ක් යනවා! දැනට රෝගීන් 600යි,මරණ 139ක්

මාරාන්තික ඉබෝලා රෝගයට එන්නතක් හොයාගන්න තවත් මාස 9ක් වගේ කාලයක් යයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා.
දැනට ඉබෝලා බවට සැක කරන රෝගීන් 600කට වැඩි පිරිසක් හඳුනාගෙන තියෙන අතර, මරණ 139ක් වාර්තා වෙලා තියෙනවා කියලත් ඔවුන් සඳහන් කරලා තියෙනවා.
ජිනීවා නුවරදී මාධ්‍ය අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරියෙක් කියලා තියෙන්නේ, මියගිය අය අතරින් 51 දෙනෙක් කොංගෝ රාජ්‍යයේ පිරිසක් කියලා.
මේ තත්ත්වය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු හදිසි සෞඛ්‍ය අර්බුදයක් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙරත් ප්‍රකාශ කරලා තිබුණා.
ඉබෝලා වෛරසය ශරීර තරල එක්ක සෘජුව ස්පර්ශ වීමෙන් සහ කැඩුණු සම හරහා පැතිරෙනවා. ඒ වගේම මේ රෝගය නිසා දරුණු රුධිර වහනය, අවයව අක්‍රිය වීම වගේ භයානක තත්ත්වත් ඇති වෙන්න පුළුවන්.
ඉබෝලා රෝගය මුලින්ම හඳුනාගෙන තිබුණේ 1976දී කොංගෝ රාජ්‍යයෙන් කියලාත් වාර්තා වෙනවා.
