වතුර ටැංකියක් කඩා වැටී බද්දේගම පාසලක සිසුන් 5ක් රෝහලේ

බද්දෙගම පාසලක වතුර ටැංකියක් අද (9) දහවල් කඩා වැටී සිසුන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව බද්දෙගම පොලීසිය කියයි.

තුවාල ලැබූ සිසුන් පස් දෙනාම පළමුව බද්දෙගම රෝහලටත් බරතල තුවාල ලැබූ සිසුන් තිදෙනෙක් කරාපිටිය රෝහල මාරුකර යැවූ බවත් පොලීසිය කියයි. එම විදුහලේ හය ,හත වසර දෙකේ සිසුන් පස් දෙනෙකු මේ අනතුරට ලක්වී ඇති බව ද පොලීසිය කියයි.

බද්දෙගම පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

බද්දෙගම ප්‍රදේශයේ පාසලක තිබූ වතුර ටැංකියක් අද (09) දහවල් කඩා වැටීමෙන් සිසුන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව බද්දෙගම පොලීසිය පවසයි.

තුවාල ලැබූ සිසුන් පස් දෙනා මුලින් බද්දෙගම රෝහලට ඇතුළත් කළ අතර, ඉන් බරපතල තුවාල ලැබූ සිසුන් තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ එම විදුහලේ 6 ශ්‍රේණියේ සහ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පස් දෙනෙකු බව පොලීසිය සඳහන් කළේය.

බද්දෙගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share This