රාජ්‍ය ආයතන නිවාඩු හා ප්‍රවාහන සේවා ගැන විශේෂ දැනුම්දීමක්
අද (15), හෙට (16) සහ අනිද්දා (17) දිනවල රාජ්‍ය ආයතන සියල්ල සාමාන්‍ය කාලසටහනට අනුව විවෘතව පවත්වාගෙන යාමට තීරණය කර තිබේ. මෙය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇත.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය සේවකයින්ට නිවාඩු ලබාදී ඇත්තේ සඳුදා සහ ඊයේ (14) දින දෙක සඳහා පමණි.
එමෙන්ම, අලුත් අවුරුදු සමයේ ගම් බිම් බලා ගිය ජනතාවගේ ගමන් පහසුකම් සලසමින් අද (15) සිට අමතර බස් රථ ධාවනයට එක් කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන ඇත. ඒ සඳහා සියලුම පළාත් ප්‍රවාහන අධිකාරීවලට උපදෙස් නිකුත් කර තිබේ.
ඊට අමතරව, අද දිනය සාමාන්‍ය කාර්යාල දිනයක් බැවින් දුම්රිය සේවාවද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර, මගී අවශ්‍යතාව අනුව අමතර දුම්රිය සේවාද එක් කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
