මරදාන දුම්රිය ස්ථානයට නවමු මුහුණුවරක් පළමු අදියර අවසන් මිලියන 35ක වැඩක්

මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කරන වැඩේ පළමු අදියර දැන් සාර්ථකව අවසන් වෙලා තියෙනවා. අද (අප්‍රේල් 26) ඒක මගීන්ට භාවිතා කරන්න විවෘත කරලා තියෙනවා.
මේ වැඩේ විවෘත කළේ ප්‍රවාහන හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන්.
මේ නවීකරණ වැඩසටහන “Clean Sri Lanka” යටතේ කරන “සිහින ගමනාන්තය” කියන වැඩපිළිවෙළේ කොටසක්. ඒකෙන් දුම්රිය ස්ථාන 100ක්ම නවීකරණය කරන්න යනවා.
මේ මරදාන station එකේ පළමු අදියරට රුපියල් මිලියන 35ක් වගේ වැය වෙලා තියෙනවා. ඒකට මුදල් දීලා තියෙන්නේ Akbar Brothers කියන පෞද්ගලික සමාගම. වැඩේ මාස 6ක් ඇතුළත කරලා අවසන් කරලා තියෙනවා.
මේ අදියරෙන් අලුත් වෙච්ච දේවල්:
- CCTV කැමරා පද්ධති
- අලුත් ලයිට් පද්ධතිය
- නවීන සනීපාරක්ෂක පහසුකම්
- ගොඩනැගිල්ලට අලුත් පේන්ට්
- පරිසර අලංකරණ වැඩ
ඒ විතරක් නෙවෙයි, වසර 100කට වඩා පරණ station එකේ වහලයත් සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කරලා තියෙනවා. දිගු කාලයක් තිබ්බ දිය කාන්දුවටත් දැන් විසඳුමක් දීලා තියෙනවා.
