පොතුවිල්වලට ඩොප්ලර් රේඩාර් පද්ධතියක්

මධ්‍යම කඳුකරයේ දකුණු ප්‍රදේශය,නැගෙනහිර ආවරණය වීමට නම් පොතුවිල් ප්‍රදේශය ආශ්‍රිතවද ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා පවසනවා.

මෙම ප්‍රදේශය ආශ්‍රිතව ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයක් සවි කිරීම සම්බන්ධව රජය ජපානය සමඟ සාකච්ඡා කර තියෙන බවද ඔහු වැඩි දුරටත් කියා සිටිනවා.

දැනටමත්  එක ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයක් පුත්තලම කාළගුණ විද්‍යා කාර්යාලයයේ ඉඳිකරමින් පවතින බවද ඔහු පවසනවා.

එහි ඉඳිකිරීම් කටයුතු මේ වනවිට සියයට 30 ක් පමණ අවසන් බවද ඔහු සදහන් කරනවා.

ලබන වසරේ (2027) ජූලි මස 31 වැනිදා වනවිට එහි ඉඳිකිරීම් කටයුතු නිම කිරීමට හැකි වෙතැයිද ඔහු පවසනවා.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය මෙම ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයෙන් ආවරණය වන බවද ඔහු  වැඩිදුරටත් කියා සිටිනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

Share This