ප්‍රතිනිර්මාණය කළ නැදුන්ගමුවේ රාජා මාර්තු 11 සිට මහජන ප්‍රදර්ශනයට

ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණු  2022 දී මිය ගිය නැදුන්ගමුවේ විජය රාජා හස්තියා නැවත ප්‍රතිනිර්මාණය කර මාර්තු  (11) දින සිට ජාතික කෞතුකාගාරයේ , ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදී මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරෙන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි මහත්මිය පවසනවා.

ඇය මේ බව පැවසුවේ අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්. මෙම හස්තියා ප්‍රතිනිර්මාණය කිරීම අභියෝගයක් බව පෙන්වා දුන් අධ්‍යක්ෂ ජනරාල්වරිය එම වගකීම භාරගෙන එම ප්‍රතිනිර්මාණ කටයුතු මේ වන විට සාර්ථකව අවසන් වෙමින් පවතින බවද පැවසුවාය.

හස්තියා ප්‍රතිනිර්මාණය සඳහා රුපියල් මිලියන 25ක් පමණ වැය වූ බවත් විශේෂිත වීදුරු කුටියක  හස්තියා ප්‍රදර්ශනයට තැබෙන බවත් මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සත්ව විද්‍යා) ලංකානි සෝමරත්න මහත්මිය සඳහන් කළා.

එසේම මෙලෙස විද්‍යාත්මකව සංරක්ෂණය කළ සත්වයකු වසර 500 ක කාලයක් සුරක්ෂිතව තබා ගත හැකි බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

Share This