අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (29) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව සදහන්.
එමෙන්ම ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද පවසයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බවත්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන අකුණු සහ තාවකාලික තද සුළංවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවට දැනුම් දීමක්.
