ඩොලර් මිලියන 2.5 ඇදපු හැකර්වරුන් සොයා මෙරට සහ විදේශීය බුද්ධි අංශ අන්තර්ජාලය පීරයි

ශ්‍රී ලංකාව විසින් ඕස්ට්‍රේලියාවට ගෙවීමට නියමිතව තිබූ ඩොලර් ලක්ෂ 25ක (රුපියල් කෝටි 80ක) මුදලක් වංචනික ලෙස ලබාගත් පරිගණක හැකර්වරුන් කොටු කරගැනීම සඳහා රජයේ බුද්ධි අංශ දැන් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
විමර්ශනයේ නවතම තත්ත්වය:
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ මහා භාණ්ඩාගාරයේ විශේෂ කණ්ඩායමක් මේ වන විටත් පරීක්ෂණ පවත්වයි.
මෙම හැකර්වරුන් හඳුනා ගැනීමට විදේශීය ආරක්ෂක අංශ සහ බුද්ධි අංශවල සහාය ලබා ගන්නා අතර, ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ ඒ සඳහා සෘජු දායකත්වය ලබාදීමට එකඟ වී ඇත.
මෙම කල්ලිය මීට පෙර ඉන්දියාවට ගෙවීමට ගිය ණය මුදලක්ද මේ අයුරින්ම අත්පත් කර ගැනීමට උත්සාහ කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙය හුදෙක් මුදල් සොරකමක් පමණක් නොව, රටේ මූල්‍ය ආරක්ෂාවට එල්ල වූ ප්‍රබල තර්ජනයක් ලෙස සලකා බුද්ධි අංශ විසින් විශේෂිත තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ හැකර්වරුන්ගේ දත්ත පරීක්ෂා කරමින් සිටියි.
