ගල්අඟුරු File අරගෙන සජබ සදුදා අල්ලස් කොමිසමට සියලුම ලේඛන කොමිසමට භාරදෙනවා

ගල් අඟුරු ගනුදෙනු ගැන ඇති වෙලා තියෙන ආන්දෝලනයට අදාළව, සමගි ජන බලවේගය හෙට (සඳුදා) අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක් දාන්න තීරණය කරලා තියෙනවා.
ඒකට අදාළ ලේඛනත් ඒ වෙලාවේම කොමිසමට භාර දෙන්නයි සැලසුම් කරලා තියෙන්නේ.
මේ ගැන කතා කරමින්, එම පක්ෂයේ මන්ත්රී මුජීබර් රහුමාන් මහත්තයා කියලා තියෙන්නේ, මේ ගල් අඟුරු ගනුදෙනු ගැන පසුගිය සතියේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පැමිණිල්ලක් දාපු බව.
තවද, බාල ගුණාත්මක ගල් අඟුරු නිසා රජයට රුපියල් කෝටි 24කට වැඩි පාඩුවක් වෙලා තියෙනවා කියලා ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්තාවෙන් කියලා තියෙනවා.
