කෘත්‍රිම බුද්ධිය භාවිතා කළ හැකි MRI යන්ත්‍රයක් කොළඹට

කෘත්‍රිම බුද්ධිය භාවිත කළ හැකි අති නවීනතම තාක්ෂණයෙන් යුත් එම් ආර් අයි යන්ත්‍රයක්  අද(09) කොළඹ ජාතික රෝහලේ සිදුකෙරුණා. ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. කෘත්‍රිම බුද්ධිය භාවිත කළ හැකි අති නවීනතම තාක්ෂණයෙන් යුත් එම් ආර් අයි යන්ත්‍රයක් රජයේ රෝහලක  ස්ථාපිත කළේ ප්‍රථමවරටයි.  මේ සඳහා රජය වැයකළ මුදල රුපියල් මිලියන 450ක්.

එය රෝගීන්‌ගේ සේවය වෙනුවෙන් එක් කිරීම අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධනත්වයෙන් අද සිදුකෙරුණා.  කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු හා ස්නායු ශල්‍ය අංශ වල සේවාවන් වඩාත් විධිමත් කිරීමේ අරමුණෙනුයි මෙම යන්ත්‍රය ස්ථාපිත කෙරුණේ. කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත කර ඇති එම් ආර් අයි ස්කෑන් යන්ත්‍ර 3 වරින් වර අක්‍රිය වීම හේතුවෙන් රෝගී ජනතාව අපහසුතාවට පත්වුණා. නව රජය බලයට පත්වීමෙන් පසු මේ පිළිබද අවදානය යොමුවූ අතර ඒ අනුවයි දැනට පවතින යන්ත්‍ර තුනට අමතරව මෙම අති නවීන තාක්ෂනයෙන් යුත් එම් ආර් අයි ස්කෑන් යන්ත්‍රය ස්ථාපිත කෙරුණේ.

Share This