උසස් පෙළ අයදුම්පත් ඉල්ලීම් අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

2026 උසස් පෙළ විභාගයට අයදුම් කරන්න තියෙන අවසන් දිනය අද (24)යි. අද මධ්‍යම රාත්‍රියෙන් පස්සේ අයදුම්පත් භාර ගන්නේ නැහැ කියලා විභාග දෙපාර්තමේන්තුව කියනවා.

අයදුම් කිරීම මාර්ගගත ක්‍රමයෙන් පමණක් කරලා තියෙන්නේ මාර්තු 24 ඉඳලා අප්‍රේල් 24 දක්වා.

විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කියන්නේ, මේ කාලය තවත් දිගු කරන්න කිසිම සැලැස්මක් නැහැ කියලා.

වැඩි විස්තර ඕනේ නම් 0112 785 922 / 0112 784 208 / 0112 784 537 කියන අංක වලට කතා කරන්න පුළුවන්.
නැත්නම් [email protected] එකට මැසෙජ් කරලාත් විස්තර ගන්න පුළුවන්.

Share This