අවුරුදු සමයේ මාර්ග අනතුරු රැල්ලක් – ජීවිත 44ක් අහිමි වෙයි
අප්‍රේල් 10 සිට 15 දක්වා දිවයින පුරා මාර්ග අනතුරු 42ක් වාර්තා වී ඇති අතර ඒවායෙන් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
අවුරුදු දින තුන (අප්‍රේල් 13–15) තුළ පමණක් අනතුරු 19ක් හා මරණ 19ක් වාර්තා වී ඇත.
වාහන වර්ග අනුව යතුරුපැදි අනතුරු 16ක් සමඟ වැඩිම සංඛ්‍යාව වාර්තා වී ඇති අතර ත්‍රිරෝද රථ, වෑන්, මෝටර් රථ, කැබ්, පාපැදි සහ හප්පා පලායෑම් සිද්ධියක්ද ඇතුළත් වේ.
2025 වසරේ එම කාලයට සාපේක්ෂව මෙවර අනතුරු හා මරණ සංඛ්‍යාව පහළ ගොස් ඇති බවත්, ප්‍රධාන හේතුව ලෙස බීමත්ව රිය පැදවීම හඳුනාගෙන ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
