අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතයින් හා ඇමති විජිත අතර හමුවක්
අද දින අමාත්‍යාංශ
යේදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් Nicole Chulick සහ ඇමරිකානු තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරිනී Jayne Howell මහත්මියව උණුසුම් ලෙස පිළිගත්තා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත්වුණු පසු ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සබඳතා තවත් ශක්තිමත් වෙලා තියෙන එක ගැන ඇමරිකානු රජය සතුට පළ කළා කියලා නිකෝල් චුලික් මහත්මිය මෙහිදී සඳහන් කළා.
එතනදී දෙරට අතර විවිධ ක්ෂේත්රවල සහයෝගීතාව තවත් වර්ධනය කරගන්න පුළුවන් ක්‍රම ගැනත් සාකච්ඡා කළා.
ඒ වගේම ඇමරිකානු රජය විසින් ශ්‍රී ලංකාවට බෙල් හෙලිකොප්ටර් යානා 10ක් සහ සිව්වන වෙරළාරක්ෂක නෞකාව පරිත්‍යාග කිරීම ගැන ශ්‍රී ලංකා රජයේ කෘතඥතාවත් පළ කළා.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පස්සේ රටේ ඇතිවෙලා තියෙන තත්ත්වය ගැනත්, මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මතුවෙලා තියෙන අභියෝගවලට මුහුණ දෙන්න රජය ගෙන යන වැඩපිළිවෙළ ගැනත් චුලික් මහත්මිය ඇතුළු දූත පිරිස දැනුවත් කළා.
දැනට පවතින සහයෝගීතාව තවත් ඉදිරියට ගෙන යාමටත්, ඒ හවුල්කාරිත්වය නව ක්ෂේත්රවලටත් පුළුල් කරගැනීමට දෙපාර්ශවයම එකඟතාව පළ කළා.
