අද ප.ව. 1.00 පසු දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අද දින ප.ව. 1.00 පසු බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
ඒ අතර, බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලට සහ පුත්තලම දිස්ත්‍රික්කයට උදෑසන කාලයේ ස්වල්ප වැසි ඇති වීමට ඉඩ ඇත.
සබරගමුව පළාත සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තද වැසි පවා ඇති විය හැකි අතර, අනෙකුත් ප්‍රදේශවල වැඩි වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇත.
මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වලටත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලටත් අළුයම් කාලයේ මීදුම ඇති විය හැකි බව දැනුම් දී තිබේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් අනතුරු වැළැක්වීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට උපදෙස් දී ඇත.
