දුටුවන් මවිත කරවන චීනයේ පහන් කූඩු ප්‍රදර්ශනය
චීනයේ සිචුවාන් පළාතේ සිගොන්ග් හි හරි අපූරු කටයුත්තක් සිදුවෙනවා.
ඊට වෛවර්ණ කටයුත්තක් කිව්වොත් හරියටම හරි.
ඒ තමයි ‘සිගොන්ග් ජාත්‍යන්තර ඩයිනොසෝර පහන් කූඩු ප්‍රදර්ශනය’ (Zigong International Dinosaur Lantern Show)
මෙවර මෙය පැවැත්වෙන්නෙ 31 වන වරට. ප්‍රදර්ශනය ආරම්භ වුණේ ඊයේ (ජනවාරි 17)
චීන වාර්තාවන්ට අනුව මෙවර පහන් කූඩු ප්‍රදර්ශනයට විශාල ආලෝක කට්ටල කණ්ඩායම් 12 ක්, කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ආලෝක කට්ටල කණ්ඩායම් 200 කට වඩා ඇතුළත්.
මෙවර පහන් කූඩුවල ප්‍රමාණය නිසාම, සිගොන්ග් ජාත්‍යන්තර ඩයිනොසෝර පහන් කූඩු ප්‍රදර්ශන ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවා ඇති බවත් කියවෙනවා.
මෙයාකාරයෙන් විස්මිත නිර්මාණ රැගත් පහන් කූඩු සඳහා සංචාරකයින්ගේ සුවිශේෂී ආකර්ෂණයක් හිමිව ඇති බවයි වාර්තා වෙන්නෙ.