යෝෂිත රාජපක්ෂට ඇප හිමිවෙයි

යෝෂිත රාජපක්ෂට ඇප හිමිවෙයි

අධිකරණය හමුවට එදිරිපත් කෙරුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අද (27) දක්වායි ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේ.
සැකකරුව රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට එහිදී නියෝග කෙරුණා.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා මෙම නියෝගය ලබා දෙමින් වැඩිදුරටත් සඳහන් කළේ සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවයි.

ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් ඔහු අධිකරණයට නියෝග කළා.

මීට අමතරව සෑම මසකම අවසන් ඉරු දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට වාර්තා කළ යුතු බව සැකකරුට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් නියෝග කර තිබෙනවා.

Share This