බදාදා සිට පෞද්ගලික බස් රථ නැති වෙයි ද.?

බදාදා සිට පෞද්ගලික බස් රථ නැති වෙයි ද.?

හෙට (8) මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව බස් රියදුරන් සිය ධාවන කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර  මහතා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ඉල්ලා සිටියේ, ඊට පෙර අදාළ බලධාරින් සමඟ සාකච්ඡාවක් ලබා දෙන ලෙසයි.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොලිසිය විසින් සිදු කරන ලබන ක්‍රියා හේතුවෙන් බස් රියදුරන සහ කොන්දොස්තරවරුන් දැඩි පීඩාවකට පත්ව සිටින බව ද සභාපතිවරයා පෙන්වා දෙනවා.

“රියදුරෝ කියලා තියෙනවා බදාදා බස් ධාවනයෙන් ඉවත් වෙනවා කියන එක. හැබැයි, අද, හෙට, අනිද්දා කියලා කාලය තියෙනවා. අපි සාකච්ඡා කරන්න ලෑස්තියි. මං හිතන්නේ ගැමුණුත් කිව්වා, සාකච්ඡාවක් අවශ්‍යයි කියන එක. ඇත්තමට අපේ රියදුරෝ බොහෝම අපහසුතාවයකට පත් වෙනවා. ධාවනය කරන්න බැහැ කියන කතාව තමා කියන්නේ. ඒකට විසඳුමක් හොයාගන්න එක තමයි හරි පිළිතුර. බස් වර්ජනයක් වුණොතින්, රජයටත් අපහසුතාවකට පත් වෙන්න සිද්ධ වෙනවා.”

Share This