බිඳ වැටී තිබූ WhatsApp, Facebook සහ Instagram යළි යථා තත්ත්වයට

බිඳ වැටී තිබූ WhatsApp, Facebook සහ Instagram යළි යථා තත්ත්වයට

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් යන යෙදවුම්වල සිදුවු බිඳවැටීම් මේ වනවිට යථාතත්ත්වයට පත් කර ඇති බව මෙටා සමාගම පවසනවා.

ඒ අනුව, මේ වනවිට පරිශිලකයින්ට කිසිඳු ගැටළුවක් තොරව එම යෙදවුම් වෙත පිවිසිය හැකියි.

ලොව බොහෝ රටවල පරිශීලකයින්ට WhatsApp, Facebook සහ Instagram යන සමාජ මාධ්‍ය ගිණුම් වෙත ප්‍රවේශ වීමේ අවහිරතා මතුව තිබු අතර මෙටා සමාගමේ සියලු යෙදවුම් පැය ගණනාවක් බිඳ වැටී තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුව ඇති බව X පණිවිඩයක් නිකුත් කරමින් මෙටා සමාගම දැනුම් දුන්නා.

ඒ සම්බන්ධයෙන් එම සමාගම පරිශිලකයින්ගෙන් සමාව ද අයැද සිටියා.

Facebook අවහිරතා සම්බන්ධයෙන් පරිශීලකයින් 22,000ක් පමණ වාර්තා කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එමෙන්ම WhatsApp පරිශීලකයින් 18,000ක් ද ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව සියලු සමාජ මාධ්‍ය බිඳ වැටීම සම්බන්ධයෙන් පරිශීලකයින්ගේ පැමිණිලි ලක්ෂයකට වඩා ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ශ්‍රී ලංකාව තුළද ඊයේ (11) මධ්‍යම රාත්‍රීය පමණ වනවිට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය බිඳවැටීමකට ලක්ව තිබුණා.

මෙටා සමාගමේ මාසිකව Facebook පරිශීලනය කරන සක්‍රීය පිරිස බිලියන තුනකට අධික වන බව සඳහන්.

කෙසේ වෙතත් ලොව පුරා බිඳ වැටීම්වලින් සියයට 99ක් පමණ මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බවයි මෙටා සමාගම දැනුම් දුන්නේ.

Share This