අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
ඉදිරි දින කිහිපය සඳහා උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වය තාවකාලිකව වැඩි වනු ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව සහ දකුණු පළාත්වල සහ අම්පාර, මඩකලපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
උතුරු සහ උතුරු-මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එහි සඳහන්.
දිවයිනේ නිරිතදිග කොටසේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ සමහර ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර, ගිගුරුම් සහිත වැසිත් සමග ඇතිවන තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.