එක්සත් ජනපදයේ පළමු කුරුළු උණ ආශ්රිත මරණය වාර්තා වෙයි
H5N1 හෙවත් කුරුළු උණ රෝගයෙන් රෝහල් ගත කර සිටි එක්සත් ජනපද රෝගියෙකු මියගොස් ඇති බව ලුසියානා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ, එය වෛරසයේ දරුණු තත්ත්වය හේතුවෙන් එරටින් වාර්තා වූ පළමු මිනිස් මරණය වන බවයි.
මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලුසියානා හි සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දී ඇත්තේ, අවුරුදු 65 ට වැඩි එම රෝගියා කුකුළන් සහ වෙනත් පක්ෂීන් සමූහයකට නිරාවරණය වීමෙන් පසු දෙසැම්බර් 18 වන දින වෛරසය වැළඳී රෝහල්ගත කළ අයෙක් වූ බවයි. එමෙන්ම රෝගියා වෙනත් රෝගවලින් පීඩාවිඳි අයෙක් වන බවත් සඳහන්.
එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානවලට අනුව, එරට පුද්ගලයින් 70 කට ආසන්න සංඛ්‍යාවක් අප්‍රේල් මාසයේ සිට කුරුළු උණ රෝගයෙන් පීඩා විඳියි.
ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ගොවිපල සේවකයින් වන අතර කුකුළන් සහ ගවයින්ගෙන් වෛරසයට නිරාවණයව ඇති බව සඳහන්.
කෙසේ නමුත් සෞඛ්‍ය අංශ අවධාරණය කර ඇත්තේ කුරුළු උණ මඟින් සාමාන්‍ය ජනතාවට ඇති අවදානම අඩු මට්ටමක පවතින බවයි.