උර්වෂි රවුටෙලා, සයිෆ්ගෙන් ප්‍රසිද්ධියේම සමාව අයදියි !! සයිෆ්ගේ දැන් තත්ත්වය ගැන රෝහලෙන් අනාවරණයක්

උර්වෂි රවුටෙලා, සයිෆ්ගෙන් ප්‍රසිද්ධියේම සමාව අයදියි !! සයිෆ්ගේ දැන් තත්ත්වය ගැන රෝහලෙන් අනාවරණයක්

ගෙවුණු දවස්වල බොලිවුඩය සේ ම බොලිවුඩයට ආදරේ කරන කවුරුත්, දැඩිව කම්පා වුණු සිදුවීමක් තමයි ‘සයිෆ් අලි ඛාන්ට එල්ල වූ පිහි ඇනුම’

ඒත් එක්ක සයිෆ්ගේ නවතම තත්ත්වය ගැන දැනගන්න, කවුරුත් පසුවෙන්නෙ මහත් උනන්දුවෙන්.

ඉන්දීය ආරංචි මාර්ගවලට අනුව සයිෆ් ප්‍රතිකාර ලබන රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත්තේ, දැඩි සත්කාර ඒකකයෙන් පිටව ප්‍රතිකාර ලබන ඔහු මේ වෙද්දි හොඳින් සුවය ලබමින් පසුවන බව.

ඒ වගේම ඔහු අනුගමනය කරන්නේ සුපුරුදු ,සාමාන්‍ය ආහාර රටාවක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නෙ.

එහෙම සුවය ලබමින් සිටින සයිෆ්, තවත් දින දෙක තුනකින් රෝහලෙන් පිටව යනු ඇතැයි අපේක්ෂා කරන බවත් වෛද්‍යවරු ප්‍රකාශ කර තිබෙනවා.

“අපි ඔහුගේ ප්‍රගතිය නිරීක්ෂණය කරමින් සිටින්නේ.
අපගේ අපේක්ෂාවන්ට අනුව ඔහු විශිෂ්ට ලෙස ප්‍රතිචාර දක්වනවා.
දැනට අපි ඔහුට නිර්දේශ කර ඇත්තේ, ඇඳ විවේකය අත්‍යාවශ්‍ය බව.
ඔහුට සුවපහසුවක් දැනෙන්නේ නම්, තවත් දින දෙක තුනකින් රෝහලෙන් පිටව ‍යා හැකියි….”

Saif Ali Khan: ఆస్పత్రిలో చేరిన సైఫ్‌ అలీఖాన్‌..? కారణమదేనా.. |  bollywood-actor-saif-ali-khan-hospitalized

සයිෆ්ගේ තත්ත්වය එහෙම වෙද්දි, ඔහු වෙනුවෙන් සුවය ප්‍රාර්ථනා කරන අය අතර උර්වෂි රවුටෙලා සයිෆ්ගෙන් සමාව ඉල්ලලා !!

ඇති වුණු තත්ත්වයත් එක්ක බොහෝමයක් පිරිස් සංවේදී වෙමින් කළ ප්‍රකාශයන් අතර, උර්වෂිගේ හැසිරීම සමාජ මාධ්‍ය තුළ යම් යම් විවේචනයන්ට තුඩු දුන්නා.

ඇය සයිෆ් සම්බන්ධයෙන් සංවේදී කිසිවක් ප්‍රකාශ නොකර තමාගේ වැඩ කටයුතුවල නියැලීමයි බොහෝදෙනාගේ විවේචනයන්ට හේතුව තිබුණෙ.

එක් අවස්ථාවක ඇගේ ආභරණ පිළිබඳ ප්‍රකාශයන් ද සයිෆ්ට ලැදි පාර්ශවයන්ගේ කෝපයට හේතුවක් වෙලා.

ANI සමඟ සම්මුඛ සාකච්ඡාවකදී යි, උර්වෂි මෙයාකාරයෙන් සංවේදී නොවන අන්දමින් හැසිරිලා තිබුණෙ.

සම්මුඛ සාකච්ඡාවේදී, සයිෆ්ගේ මුම්බායි නිවසේ පිහි ඇනුම් සිද්ධිය ගැන උර්වෂිගෙන් විමසා තිබුණා. ඇය ඊට කනස්සල්ල පළකර තිබූ නමුත් වැඩි ඉඩක් ලබාදී තිබුණෙ ‘Daaku Maharaaj’ වෙත ලැබෙන ප්‍රතිචාරවලට සහ ඉහත කී ආකාරයට ඇගේ ආභරණ ගැන ප්‍රකාශයන් කිරීමට.

“…..ඒක හරිම අවාසනාවන්තයි.
දැන් Daaku Maharaaj බොක්ස් ඔෆිස් වාර්තා සමඟින්, ඉන්දීය රුපියල් කෝටි 105ක් ඉක්මවලා තියෙනවා.
මගේ අම්මා මට මේ දියමන්ති ඔබ්බවන ලද රොලෙක්ස් ඔරලෝසුව තෑගි කළා.
මගේ තාත්තා මේ කුඩා මුදුව තෑගි කළා. නමුත් අපිට මේවා එළිමහනේ පළඳින්න විශ්වාසයක් නැහැ.
ඕනෑම කෙනෙකුට අපට පහර දෙන්න පුළුවන් කියන අනාරක්ෂිත භාවය තියෙනවා.
සිදු වූ ඕනෑම දෙයක් ඉතා ම අවාසනාවන්තයි…”

Dumbest Talk – Daaku Maharaaj Actress Urvashi Rautela

කොහොම නමුත් මෙම ප්‍රකාශයන්ට දිගින් දිගටම තමාට එල්ල වන විවේචන හමුවේ උර්වෂි ප්‍රසිද්ධියේ ම සමාව අයැදලා !!

ඒ, ප්‍රහාරයේ බරපතලකම පිළිබඳව තමන්ට මනා අවබෝධයක් නොතිබුණු බව පෙන්වා දෙමින්.

“ආදරණීය සයිෆ් අලි ඛාන් සර්, මේ පණිවුඩය ඔබට ශක්තියක් ලබා දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.
මම ලියන්නේ දැඩි කණගාටුවකින් සහ හෘදයාංගම සමාව අයැදීමකින්.
මේ වන තෙක්, ඔබ මුහුණ දෙන තත්ත්වයේ බරපතලකම ගැන මම සම්පූර්ණයෙන්ම දැන සිටියේ නෑ.
ඔබගේ තත්ත්වය තේරුම් ගන්නවා වෙනුවට ‘Daaku Maharaaj’ වටා ඇති උද්යෝගයෙන් සහ මට ලැබෙන තෑගිවලින් මා සතුටට පත්වීම ගැන මට දැනෙන්නේ ලජ්ජාවක්.
මේ තරම් නොදැනුවත්කම සහ අසංවේදී වීම ගැන මගේ අවංක සමාව පිළිගන්න.
දැන් මම ඔබේ බරපතලකම ගැන දන්නවා. මම දැඩි ලෙස සංවේගයට පත්වයි සිටින්නේ.
මේ තරම් අභියෝගාත්මක කාලයකදී ඔබේ දරා සිටිමේ හැකියාව සැබවින්ම ප්‍රශංසනීයයි.
මට ඔබ හට උදව් කිරීමට හෝ සහයෝගය දැක්වීමට හැකි ක්‍රමයක් තිබේ නම්, කරුණාකර ඒ ගැන දැනුම් දීමට පසුබට නොවන්න.
නැවත වරක්, මගේ පෙර උදාසීනත්වය ගැන මම සැබවින්ම කණගාටු වෙනවා.
ඉදිරියේදී සැමට වඩා ‘අනුකම්පාව සහ අවබෝධයට’ ප්‍රමුඛත්වය ලබාදීමට පොරොන්දු වෙනවා….”

Share This