යුක්‍රේනය යුරෝපා සංගමයට රුසියානු ගෑස් ප්‍රවාහනය නතර කරයි

යුක්‍රේනය යුරෝපා සංගමයට රුසියානු ගෑස් ප්‍රවාහනය නතර කරයි

යුක්‍රේනය හරහා යුරෝපා සංගමයට අයත් රටවල් වෙත රුසියානු ගෑස් සැපයුම් අවසන් වී තිබෙනවා.

ඒ යුක්‍රේනයේ ගෑස් ප්‍රවාහන ක්‍රියාකරු නැෆ්ටෝගාස් සහ රුසියාවේ ගෑස්ප්‍රොම් අතර වසර පහක ගිවිසුමක් කල් ඉකුත් වීමෙන් පසුවයි.

තම රට රුසියාවට අමතර බිලියන ගණනක් උපයා ගැනීමට ඉඩ නොදෙන බවයි මේ පිළිබඳ අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ.

මේ සඳහා සූදානම් වීමට යුරෝපා සංගමයට වසරක කාලයක් ලබා දුන් බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

නමුත් යුරෝපා මහාද්වීපයේ ගෑස් පද්ධතිය නම්‍යශීලී නිසා යුක්‍රේනය හරහා ගමනාගමනය අවසන් වීම සමඟ සාර්ථකව කටයුතු කිරීමට ප්‍රමාණවත් ධාරිතාවක් ඇති බවයි යුරෝපීය කොමිසම පවසා ඇත්තේ.

මේ අතර කළු මුහුද හරහා රුසියාවට තවදුරටත් හංගේරියාවට තුර්කියට සහ සර්බියාවට ගෑස් යැවිය හැකි බව සඳහන්.

Share This