අල්ලස් ගත් ලංගම නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවට

අල්ලස් ගත් ලංගම නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් ලංකා ගමනාගමන මණ්ඩලයේ නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියකු සහ ආරක්ෂක නිලධාරියෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස මුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවය.

මගියෙකුට ප්‍රවේශ පත්‍රයක් ලබා නොදීම සම්බන්ධ එම නිලධාරීන් දෙදෙනාට පරීක්ෂණයක් පවත්වා අගතියක් නොවන පරිදි නැවත සේවය පිහිටවීමට මෙම අල්ලස් මුදල ලබාගත් බව කියන එම නිලධාරීන් දෙපළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙසේ මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.

චන්දන ලක්මාල්

 

 

Share This