වාහනවල බැටරි සොරකමේ ගිය තිදෙනෙක් කොටු

වාහනවල බැටරි සොරකමේ ගිය තිදෙනෙක් කොටු

(බණ්ඩාරගම –  ශ්‍යාමන් ජයසිංහ)

දුරකථන සන්නිවේදන කුළුණු අසල කුටිවල මෙන්ම  වාහනවල බැටරි සොරා ගන්නා  කල්ලි දෙකකට අයත් පුද්ගලයන් තිදෙනෙකු  රුපියල් ලක්ෂ 5කට ආසන්න වටිනා බැටරි තොගයක් සහ වයර් සමග අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හිටපු සන්නිවේදන කුළුණු නඩත්තු සේවකයන් දෙදෙනෙක් හා පික්මී තීරෝද රථ රියදුරෙක් වන බව පොලිසිය  සඳහන් කරයි.

එම සැකකරුවන් සමග  සන්නිවේදන කුළුණුවලට අයත් බැටරි හතරක් , වාහන බැටරි හතක් සහ වයර් තොගයක්ද මෙන්ම ප්‍රවාහනයට යොදා ගත් ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් ද පොලිස් භාරයට ඇත.

ඉකුත් 28 වෙනි දින  කිරිවත්තුඩුව යකහලුව  පෞද්ගලික දුරකථන සමාගමක දුරකථන සන්නිවේදන කුළුණ අසල කුටියක තැන්පත් කර තිබූ බැටරි හතරක් සහ ඉකුත් මාස දෙකක පමණ කාලයක් තුළදී කහතුඩුව පොලිස් වසමට අයත් වාහන කීපයක බැටරි සොරා ගැනීම සම්බන්ධයෙන්  සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

සැක කටයුතු පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් බැටරි කිහිපයක් රැගෙන යන බවට   පොලිසියට ලද තොරතුරකට අනුව කිරිවත්තුඩුව පුංචි ඉරිදා පොළ ප්‍රදේශයේදී  සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඉකුත් 28 වෙනි දින  කිරිවත්තුඩුව යකහලුව ප්‍රදේශයේ දුරකථන සන්නිවේදන කුළුණෙන් බැටරි සොරාගෙන තිබුණේ මෙම පුද්ගලයන් දෙදෙනා බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

කිරිවත්තුඩුව, ගල් කන්ද පාර, 9 වෙනි පටු මගේ කුලී පදනම මත පදිංචිව සිට තීරෝද රථයකින් පික්මී රැකියාවේ යෙදෙන පුද්ගලයා   සම්බන්ධයෙන් ලද තොරතුරුකොට අනුව ඔහු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී කහතුඩුව  ප්‍රදේශයේ වාහන වලින් අවස්ථා හතරකදි බැටරි සොරා ගත් පුද්ගලයා බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සොරා ගත් එක්බැටරියක් රුපියල් 4500/= බැගින් රාජගිරිය අබලි ද්‍රව්‍ය  මිලදී ගන්නා වෙළඳ සැලකට විකුණා තිබීයදි පොලිසිය මගින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාම තදින් මත්ද්‍රව වලට ඇබ්බැහිවූවන් වුවන් බවද පොලිසිය කියයි.

සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටීමට නියමිතය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රහ්මණ, සහකාර පොලිස් අධිකාරි එම්.  ඩි .ඩි. නිලංග මහත්වරුන්ගේ උපදෙස් මත කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන්  අපරාධ විමර්ශනම් සේ ස්ථානාධිපති රජිත ගුරුසිංහ   පොලිස් සැරයන්වරුන් වන 18808 සේනාධීර 6215 දෙන්න කෝන් පොලිස් කොස්තාපල්වරුන් වන 93586 දිල්ෂාන් 104068 වරුණ  104335 ශ්‍රී මාල් මහත්වරුන් පරීක්ෂණ පවත්වයි.

Share This