ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට තවත් විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට තවත් විශිෂ්ට ජයක්

කාන්තා යොවුන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති තරගය ලකුණු 81කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 166ක්.

එහිදී සංජනා කවින්දි ලකුණු 38ක් සහ මනුධි නානායක්කාර ලකුණු 37කක් ලබාගත්තා.

පන්දුයැවීමේදී සෙලීනා රෝස් කඩුලු දෙකක් බිඳහෙළීමටයි සමත් වුණේ.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 167ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 19.4ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 85ක් පමණයි.

එහිදී සමාරා රාම්නාත් ලකුණු 24ක් ලබා ගත්තා. පන්දුයැවීමේදී චමෝදි ප්‍රබෝධා කඩුලු 03ක් දවාගැනීමටයි සමත් වුණේ.

Share This